මංචි ටිකිරි මාරී කැරමල් පුඩින්

  • Prep Time
    2 hours
  • Cook Time
    45 minutes
  • Serving
    6

Ingredients

මංචි ටිකිරි මාරී, කැරමල් පුඩින්

Directions

Step1

මංචි ටිකිරි මාරි බිස්කට් ටික කුඩු කරගන්න.

Step2

කස්ටඩ් පවුඩර් මේස හැඳි 2 ඇල් වතුර කෝප්ප 1/2 ක දිය කර ගන්න

Step3

සීනි කෝප්ප 1/2ක් හා වතුර මේස හැඳි 3ක් භාජනයකට දමා සාමාන්‍ය ගින්දරේ කැරමල් කරගන්න.

Step4

සාදාගත් කැරමල් මිශ්‍රණය පුඩින් එක සාදන භාජනයේ අඩියට දමා එහි සෑම තැනම ගෑවෙන සේ තවරා ගන්න.

Step5

ඉතිරි සීනි කෝප්ප 1/2 හා කිරි කෝප්ප 2 භාජනයකට දමා අඩු ගින්දරේ උතුරවාගන්න.

Step6

එයට දිය කරගත් කස්ටඩ් මිශ්‍රණය දමා නොනවත්වා හැඳිගන්න

Step7

කස්ටඩ් මිශ්‍රණය ලාවට උකු වේගෙන එන විට කුඩු කරගත් මංචි ටිකිරි මාරි බිස්කට් කුඩු එකතු කරන්න.

Step8

මිශ්‍රණය තරමක් උකු වනතුරු අඩු ගින්දරේ ලිපේ තබා නොනවත්වා හැඳිගාමින් පිසගන්න.

Step9

එම මිශ්‍රණය සුදුසු භාජනයකට දමා ෆොයිල් කවරයකින් ආවරණය කර විනාඩි 30 වාෂ්පයෙන් තම්බාගන්න.

Step10

තම්බා ගත් මංචි ටිකිරි මාරි කැරමල් පුඩින් එක සම්පූර්ණයෙන් ම නිවෙන්නට හැර පැය 2ක් පමණ ශීතකරණයේ තබා අලංකාර ලෙස පිලිගන්වන්න.

You May Also Like

Leave a Review

Your email address will not be published. Required fields are marked *

පරිවර්තනය කරන්න »